about-photo

07. පොත් බැදුම් අංශය :-

 

-> මෙම අංශය සදහා වයඹ පළාතේ විශිෂ්ඨතම පොත් සංරක්ෂණ මධ්‍යස්ථානය හිමිව ඇත.
-> පුත්තලම නගර සභාවේ හා පුත්තලම මහජන පුස්තකාලය ඇතුළු සියළුම ශඛා පුස්තකාල වල පොත් බැඳීමේ හා පොත්   සංරක්ෂණ කටයුතු ඇතුළු පහත සේවාවන්.
-> සියළුම පොත් බැදීම හා නිමාව
-> බොක්ස් ෆයිල් සෑදීම.
-> මැගසීන් හොල්ඩර් සෑදීම.
-> පෞද්ගලික ලිපි ගොනු කවර

 

08. අධ්‍යනය අංශය :-

 

-> වයස් භේදයකින් තොරව සියළුම දෙනා හට අධ්‍යනය අංශය පෙ.ව.  8.00 සිට ප.ව. 8.00 දක්වා කටයුතු සිදුකිරිම සඳහා.

09. ඔබ සතු වගකීම් :-

 

              i. පුත්තලම මහජන පුස්තකාල පරිශ්‍රය  තුළ හෝ අවට නොහික්මුණු  ආකාරයෙන් හැසිරිම හෝ හිරිහැරයක් ඇති කිරිම හෝ නොකළ යුතුය.
             ii. පුස්තකාලයෙහි හෝ ඒ අවට නගර සභාවේ යම් ගොඩනැගිල්ලක කොටසක හෝ යම් දේපලක අලාභයක් කිරිම හෝ යම් ආකාරයකින් ඒවා විරූපි කිරිම හෝ නොකළ යුතුය.
            iii. පුස්තකාලය වසා තබන වේලාවෙන් පසු එකී පුස්තකාල පරිශ්‍රය තුළ සිටිම හෝ නිකරුණේ හැසිරිම හෝ නොකළ යුතුය.
             iv. පුස්තකාල පරිශ්‍රය තුළ දුම්බීම,මත්ද්‍රව්‍ය හා මත් පැන් පානය නොකළ යුතුය.
              v. පුස්තකාල පරිශ්‍රය ඇතුලත  ඝෝෂා කිරිමේන්, ගී ගැයීමෙන්  හෝ වෙනත් ශබ්ද නැගීමෙන් එම පුස්තකාලය පාවිච්චි කරන්නන්ට බාධා නොකළ යුතුය.
             vi. පුස්තකාලය තුල නිදා ගැනිම හෝ ආහාර ගැනීම නොකළ යුතුය.
            vii. පුස්තකාල පරිශ්‍රයට කිසිම සතෙකු ගෙන නොආ යුතුය.
           viii. පුස්තකාලයාධිපතිවරයාට හෝ පුස්තකාලයාධිපතිවරයාගේ නියමය යටතේ ක්‍රියා කරන වෙනත් යම් තැනැත්තකුට හෝ මේ අතුරු ව්‍යවස්ථාවක් යටතේ ඔහුගේ බලතල ක්‍රියාත්මක කීරිමෙහි ලා බාධා නොකළ යුතුය.
             ix. පුස්තකාලය තුළ දැඩි නිශ්ෂබ්දතාවයක් පවත්වා ගත යුතු අතරම සියලුම ජංගම දුරකථන, කැමරා, ලයිටර් හා ගිනි ගන්නා ආදිය පුස්තකාලය තුලට ගෙන එම තහනම් වේ. මෙම අතුරු ව්‍යවස්ථාවේ සඳහාන් පරිදි කටයුතු නොකරන යම් පුද්ගලයෙකු පුස්තකාල පරිශ්‍රයෙන් ඉවත් කිරිමේ බලය පුස්තකාලයාධීපති සතුවේ. 
              x. පුස්තකාලය තුළ අනවසරයෙන් රූගත කිරිම, ශබ්ද පැතිරවිම, ගුවන් විදුලි ගත කිරිම හෝ ශබ්ද නැවත ප්‍රචාරණය  කිරිම නොකළ යුතුය.
             xi. පුස්තකාලය තුළට කූඩ, ගමන් මළු, පාර්සල් හෝ පෞද්ගලික ද්‍රව්‍ය රැගෙන ඒමට අවසර නොලැබේ. ඒවා තැම්පත් කිරිමට සඳහා පිටත වෙන්කර ඇති රාක්කය භාවිතා කළ යුතුය.
            xii. යම් ආසාදන ස්පර්ශ හෝ චර්ම රෝගයකින් ‍පෙළෙන හෝ යම් වෛරසයකින් මෑතකදි පෙළුණු නැතහොත් එම රෝගයකින් පෙළෙන තැනැත්තෙකුට මෑතක දි උපස්ථානයේ යෙදුණු අයෙකු රෝග  බෝවීමේ කාලය ඉකුත් වන තෙක් මෙම මහජන පුස්තකාල පරීශ්‍රයට ඇතුල් නොවිය යුතුය.
           xiii. පුස්තකාලයට ප්‍රවේශවන දොරටුව අසල තබා ඇති ලේඛණයේ ඔබගේ නම සහ පැමිණි වේළාව සෑම දිනකම සටහන් කළ යුතුය.

More Images

>