about-photo

 

04. ළමා අංශය :-

 

-> ළමා අංශය සදුඳා සිට සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව.4.30 දක්වා විවෘතව පවතින්නේය. ඉරිදා,පෝය දිනවල හා රජයේ නිවඩු දින ළමා අංශය වසා ඇත.
-> සෑම ළමා සාමාජිකයෙකුටම නිකුත් කල යුතු  බලපත්‍ර සංඛ්‍යාව 02කි. ළමා අංශය සාමාජිකයෙකු විසින් පොතක්  ලබාගන්නා ලද දින සිට දින දාහතරක (14)ක කාලයක් ඇතුලත ආපසු භාරදිය යුතුය. එවැනි යම් පොතක් වෙනත් සාමාජිකයෙකු විසින් ඉල්ලා නොමැතිනම් ඒ පොත වැඩිදුර දින දාහතරක් සඳහා ලබා ගැනීමට ළමා අංශය සාමාජිකයාට අවසර දෙනු ලැබිය හැක.
-> පොත ආපසු භාර දිමට ළමා සාමාජිකයෙකු විසින් පැහැර හරිනු ලැබු අවස්ථාවක ඒ පොත ආපසු භාරදිය යුතු දිනය ඉක්මවා යන එක් එක් දිනයක් වෙනුවෙන් එක් පොතකට රු. 1.00 මුදලක් දඬ වශයෙන් ගෙවිමට යටත් වන්නේය.
-> පොතක්  නැති වුයේ යැයි සැලකෙන අවස්ථාවක  එම පොතේ වටිනාකම, බැදුම් ගාස්තුව හා එම පොත ආපසු සපයා ගැනීමේ වියදම සහ දඬ මුදල් අදාල  සාමාජිකයා විසින් දැරිය යුතුය.

              i. පුත්තලම මහජන පුස්තකාලයෙන් ලබා ගත් පොතක් කිසිම සාමාජියෙකු විසින් අන්සතු නොකළ යුතුය.

 

05. විමර්ෂණ අංශය :-

 

-> විමර්ෂණ අංශය සදුඳා සිට සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව.4.30 දක්වා විවෘතව පවතින්නේය. ඉරිදා,පෝය දිනවල හා රජයේ නිවඩු දින විමර්ෂණ අංශය වසා ඇත.

 

              i. පුස්තකාලයාධිපතිවරයාගේ අවසරය ඇතිව විමර්ෂන අංශයේ තබා ඇති ලේඛනයේ අත්සන් තබා විමර්ශන  ග්‍රන්ථ පරිශිලනය කළ යුතුය.

             ii. කියවිම සඳහා තමන් වෙත නිකුත් කරන ලද කිසියම් පුස්තකාල ද්‍රවයක් විමර්ශන අංශ‍යෙන් පිටතට ගෙන නොයා යුතුය. එසේ වුවද ඡායා පිටපත් කිරිමට අවශ්‍ය වෙන්නේ නම් පුස්තකාලයාධිපතිවරයාගේ අනුමැතිය  හා භාරකාරත්වය යටතේ එම පොතේ හෝ පුස්තකාල ද්‍රව්‍යයේ අවශ්‍ය  පිටු නියමිත ගාස්තු ගෙවා  පිටපත් කර ලබා ගැනීමට  ඡායා පිටපත් ඉල්ලා සිටන යම් තැනැත්තකුට ඉඩකඩ සැලැස්විය යුතුය.

            iii. විමර්ෂණ අංශයේ පොතකට හානි කිරිම හෝ කවර හෝ ආකාරයකින් එය  විරූපි කිරිම නොකළ යුතුය.

 

06. සඟරා, පුවත්පත් හා කියවිමේ අංශය :-

 

-> පුත්තලම මහජන පුස්තකාලය සෑම සතියේ දිනම ඉරිදා,පෝය දිනවල හා රජයේ නිවඩු දින ඇතුළුව සඟරා අංශය, පුවත්පත් හා කියවිමි ශාලාව පෙ.ව. 8.00 සිට ප.ව.8.00 දක්වාත්  විවෘතව පවතින්නේය. සඟරා අංශය, පුවත්පත් හා කියවිමේ අංශය  පරිහරණය කිරිමට  ඕනෑම තැනැත්තකුට හැකි අතර, ඒ සඳහා පුවත්පත් හා කියවිමේ අංශයේ තබා ඇති ලේඛණයේ නම සහ පැමිණි වේළව සටහන් කර අත්සන් තබා සඟරා අංශය, පුවත්පත් හා කියවිමේ අංශයේ  සේවාවන් ප්‍රයෝජනයට ගත යුතුය.
-> සඟරා අංශය, පුවත්පත් හා කියවිමේ අංශයේ තබා ඇති හෝ සඟරා අංශය, පුවත්පත් හා කියවිමේ අංශයට අයත් කිසිම පුවත්පතක්, වාර ප්‍රකාශනයක්, සඟරාවක්, සිතියමක් හෝ වෙනත් පුස්තකාල ද්‍රව්‍යයකට කිසිදු හානියක් සිදු නොකළ යුතු අතර, බැහැරට ගෙන යාමද නොකළ යුතුය.

More Images

>